Wednesday, April 24, 2019

රතු සපත්තුව

ජීවිතය හරිම පුදුමාකාර දෙයකි. එක් වරෙක සතුට, තවත් වරෙක අප්‍රමාණ දුකක්. ජීවිතය කියන්නේ ගලා යන ගඟක් වගේ. එක තැනකදි හරිම නිසසලයි. තවත් තැනක දි චන්ඩයි. නමුදු නිසසල ගංගාවකට වඩා ඡන්ඩ ස්වරුපය ගං දියට අපූර්වත්වයක් එක් කරයි. කෙලෙසක ගං දියගලා බැස්සද  අවසන ගං දිය නවතිනුයේ මහා සයුර මතිනි. අනේක දුක්ඛ දොමනස්සයන්ගෙන් පිරුණ වරෙක සතුට ද වරෙක අපමණ දුක්ඛයන්ගන් සපිරුණ මේ ජිවිතයද කෙදිනක හො නවතිනුයේ මරණය නම් වූ මහා සයුරෙනි. කුමන ආකාරයකින් උපත ලැබුව ද අපට අවසානයේ උරුම වන්නේ මරනය පමණි. එසේ නම් අප කුමට මේ ජාති භේද ආගම් පෙරමුනට ගනිමින් රණ්ඩුසරුවල් වනුයේ. කිමද ?
මා කාත් කවුරුත් නොමැතිව මෙ ලොව එළිය දුටු අයෙකි. නමුත් කොහේ හෝ මාගේ දෙමව්පියන් සිටිනවා විය හැකිය. ඔවුන්ගේ පහත් කාමාශාවන් නිසා  මා මෙලොව එළිය දකින්නට ඇත. හහ් හහ් මා මනසේ අපහාසාත්මක  සිනහවක් නැගුනි. මා ඇගේ කුසෙහි ගැබ් ගත් දිනම ඔහු මා මරා දමන්නට යෝජනා කරන්නට ඇත. කෙසේ හෝ මා මෙලොව එළිය දුටුවායින් පසු කසළ බදුනක් මෙන්  මා කසළ ගොඩට විසි කර දමනන්ට ඇත. ඔවුන් මේ වන විට කොහේ හෝ සතුටින් සිටිනවා විය හැකිය

“ඇත්තෙන්ම ඔහු කෙතරම් හොඳ පියෙක්ද? මා කිම ද ඔහු හැර දමා පැමිණියේ”

එහෙත් ඔහු මා රැවටීය. ඒ දරුවා ඔහුගේ යැයි එක්වරක් පැවසුවේ නම් මා ඔහුව කිසි දිනෙක හැරදමා නොපැමිනෙන්නට ඉඩ තිබුණි. නමුදු ඔහු මා රැවටීය යන මමත්වය පසෙකට දැමීමට මට සිත් නොවීය. නැත මා ඔහුට වෛර නොකරමි . මට ඔහුට වෛර කරන්නට බැරිය.

“සකුන්තලා.. සකුන්තලා...”

මාගේ මනෝ ලොවින් මම යථා ලොවට පිවිසුනෙමි.

“මොකද කෑගහන්නේ”

“කෑ ගහන්නේ නෙවෙයි බලපං කවුද ඇවිත් තියෙන්නෙ කියල. ඔන්න කිව්ව උබ කතාවට එහෙම යන්නෙ නැ හරිද. තවත් ලැජ්ජ නැතුව එනවනෙ මෙතන. “

“කවුද ඇවිත් තියෙන්නෙ..“

“උබගෙ පරණ පෙම්වතා ඇවිත් අන්න.”

“ඒ මොකට ද”

“”මන්දන්නව ද

“ඇතුළට එන්න කිව්ව ද”


“නෑ කතා කරල යන්නෙ නැතැයි.”

“කතා කරන්න ඇතුළට මොකට ද ආවේ කියල බලන්න”

“ආ ඒකත් ඇත්ත. මටත් කතා කරන්න හම්බුනේ නෑනෙ එයාට හොද දෙකක් කියන්න. වරෙන්කො ඔය තම්බියට හොද දෙකක් කියන්න”

“එහෙම කියන්න එපා බං”

“ඇයි උබට දුක ද මනුස්සයෙක් ඔය වගේ රවට්ටනව ද බං කාවවත්.“

“හරි හරි දැං පලයන්කො.”


ඈ ගිය වහාම මම ආලින්දයට දිව ගියෙමි. ඔහුගේ මුහුණ දුටු වහා ම මා හට නිම් හිම් නැති විය. මීට වසර තුනකට පෙර මගේ ජීවිතයට පැමිණ එතැන් පටන් මගේ ජීවිතයේ සෑම දුකක් සතුටක් මා ඔහු සමඟ බෙදාහදා ගත්තේය. ඔහු මුස්ලිම් ජාතිකයෙකු බව සත්‍යයකි. නමුදු මා හට ඉන් ඇතිව තිබෙන  පලය කිම. ඔහු සැබවින් මා හට ආදරය කළ බව නම් පිළිගත යුතුමය. අප දෙදෙනා වෙන් වී අදට දෙමසකි. ඔහුගේ මතකයෙන් මා මිදෙන්නට කොපමන උත්සහ කළද අළු යට ගිනි පුපුරු මෙන් මසිත දවාලයි. මා හමුවට යළි කිසිදා නොඑන ලෙස පැවසුව ද ඔහු දැන් පැමිණ ඇත්තේ කිම ද.

“සකුන්තලා..”.

ඔහුගේ ඇමතීමෙන් මා ක්ෂණයකට ගල් ගැසුනෙමි. ඔහුගේ ඇමතීමේ අසරණ බවක් මා හට දැනුනි. එතරම් ශෝකාකූල බවක් එතරම් අසරණ කමක් මා මින් පෙර අසා නැත. නමුදු එය පරදා ඔහු මා රැවටු වග මාගේ සිතෙහි ඔහු කෙරෙහි වු අනුකම්පාව වියැකී ගියේය. ඔහුගේ දරුවා හා මා මව හා දියණිය ලෙස එකිනෙකා සුහදව කටයුතු කලේය. ඇයට ඇත්තෙන්ම මා නොමැතිව එකදු දවසක්වත් සිටිය නොහැකි විය. සෑම දින ම සවස් වරුවේ අපේ හමුවීමේ ප්‍රධාන සාමාජිකයා වූයේ ඇයයි. ඇය මගේ පුංචි. සුරංගනාවිය. ෆර්දාවෙන් වැසූ හිස අතරින් පෙනෙන මුහුන පෝ දින හඳක් මෙන් බැබලුනි. ඇත්තෙන් ම මා කවරෙකුට ප්‍රේම කලේ දැයි නොදනිමි. නමුත් ඒ සුරංගනාවි කාගේ දැයි දැන ගැනීමට මා හට කිසිදා වුවමනාවක් නොවීනි. තනිව සිටි මා හට ඔහුගේ ආදරය මහා මෙරක් මෙන් විය. මා මටත් වඩා ඔහුව විශ්වාස කලෙමි. එහෙයින් මා සිතුවේ ඒ දරුවා ඔහුගේ යැයි හීනෙකිනවත් සිතුවේ නැත. එය මා සිදු කළ දරුණු ම අතසුකිරීම යැයි මට සිතේ. මා ගැන සොයා බලන්නට කවුරුන් හෝ නැත. මා ඔහුටත් ඒ දරුවාටත් එපමණ ආදරය කරන්නේ නම් මේ සම්බන්ධය නැවතුයේ කිම දැයි මා හට ද සිතා ගත නොහැකිය.

“මොකද බං බලන් ඉන්නෙ බය වෙල වගේ  කතා කරපං. ගෙදරට ආවම මනුස්සයෙක්. දන්නෙ නැද්ද. මේ උබට පරණ ප්‍රේමය මතක් උණාද? දෙන්නම මූණට මූන බලන් ඉන්නේ ආ එන්න මහත්තයො මෙහෙන් වාඩිවෙන්න. මොනවද බොන්නෙ.  රස්නෙන්ද සීතලෙන්ද”

ගයනිගේ වදන්හි උපහාසයක් සමඟ ඇගේ කේන්තියත් පිළිඹිබු වින.

“වාඩිවෙන්න නෆ්ලි. එන්න”

මා තවමත් නිහඬය. ඔහුගේ මුහුණින් මා නෙත් ඉවතට ගැනීමට තරම් මාගේ ප්‍රේමය දුබල නොවිණි. ඔහුද මා දෙස බලාගත් වනම සිටියේය.

“එපා ගයනි දැං මුකුත් බොන්න බෑ.”

“බැයිද  මහත්තයො. කොහොමත් දෙන්නෙ නෑ තමයි. කරපු වැඩ වල හැටියට දෙන්න ම තමයි වටින්නෙ වහ ටිකක්.”

ඔහු ඊට පිළිතුරු දීමට උත්සහ කළේ නැත.
“මට සකුන්තලා එක්ක තනියම ටිකක් කතා කරන්න ඕන.”

“මොනව ද ඔය දෙන්නට තවත් කතා කරන්න තියෙන්නෙ. කරන්න තියෙන ලොකුම රැවටිම කරල මෙතන එනවද සමාව ගන්න.”

“මං සමාව ගන්න ආවෙ නෑ ගයනි.”

ඔහුගේ වදන් හි කිසිඳූු තරහක් නොපෙනුනි. ඔහු කිසි දිනක මා හට තරහින් වචනයක් පවසා නැත. ඔහු කෝප ගන්න අයෙකු නොවේ.

“එහෙනම්  මේකට ද ආවේ. ”

“මං ආවේ සකූ එක්ක ටිකක් කතා කරන්න. කරුණාකරලා මට ටිකක් කතා කරන්න ඕන. ”

“ඇයි දරුවව බාරගන්න කියල ද කියන්න ආවේ. දරුවට සාංකාව. සකූ නැති දවසෙ ඉඳලා දරුවට කන්න බෑ. මාත් කෑවෙ නෑ. ඕක කියලා කෙල්ලගෙ හිත කඩන්නද ආවේ .අනේ මේ මහත්තයෝ කරණාකරලා මෙතනින් යනවද. “

ඔහු නිශ්ශබ්දය. ඔහු මගේ මුහුණ දෙස බලා ගත් වනම සිටියි. ගයනි මා කෙරෙහි මෙතරම් හිතවත් වූයේ අප දෙදෙන ම එක ම නිවසක හැදී වැඩුනු එකම අනාථ දරුවන් නිසාය. ඇයට මාත් මා හට ඇයත් පමණි මේ ලෝකය තුළ සිටින්නේ. ඔහු කිම පැමිණියේ. එහෙත් ඔහු හා කතා බස් කිරීමට මා සිත තුල දැඩි කැමැත්තක් ඇති වුව ද එයට මා සිත තුළ ශක්තියක් නොමැත. මා ඔහුට වෙවර නොකරමි. නමුත් කතා කරන්නට ශක්තියක් නැත.
“ ගයනි පොඞ්ඩක් අහන්න. මං දන්නවා මං වරදක් කරා කියලා. මගේ අතීතෙ ගැන එයා කවදාවත් ඇහුවෙ නෑනේ.”

“දැක්කද සකූ උඹගෙ වරදලු.”

“එහෙ ම නෙවෙයි. සකු මං ආවේ සමාව ගන්න නෙවෙයි. මං මගේ දරුවව දාලා කොහෙවත් යන්නෙ නෑ. ඒක දැනගන්න. මං ආවේ ඔයාට දෙයක් කියන්න.”

“ආ.. දැක්කද සකූ කියන කතාව. ඕක ඉතිං එදත් කිව්වනෙ. මතක් කරල යන්න ද ආවේ. ආ..කරණාකරල බහිනව එලියට. ”

“සකූ මං ආවේ ඔයා එක්ක කතා කරන්න. මං දන්නවා මට ඇහුංකන් නොදී ඉන්න ඔයාට බෑ කියල.”

ඔහුගේ වදන් මා තව තවත් අසරණ කලේය. නමුදු එක් වරම ඔහුගේ වංචාව මා මනසට නැගුණි‘.

ඔහු මා අසලට පැමිණියේ ය. මගේ උරහිසින් ඔහුගේ දැත තැබීය. සර්පයෙකු දුටුවාක් මෙන් මා ඉවතට පැන්නෙමි.

යන්න


“මගේ මුවින් පිට වූයේ එපමණකි.”

ඔහුගේ අසරණ බව වැඩි වු සෙයක් දිස විය. ඔහු පැමිණයේ කුමක් හෝ වැදගත් දෙයක් පැවසීමට බැව් මට දැනුණි. එහෙත් ඔහු කළ වංචාව මා සිත තුළ බුර බුරා නැගුණි.
අඩවන්න පැවති ජනෙල් පියන මහා හඩක් නගමින්  වැසි ගියේය. ඔහු මා දෙස මදක් බලා හිඳ ආපසු හැරුණේය. එහි වූයේ බයාදුකමකි. ඔහු දැස් මානයෙන් දුරස්වන තෙක්  ම මා ඔහු දෙස බලා සිටියෙමි. මම හුන් තැන ම බිම හිඳ ගත්තෙමි. දෙනෙතින් කදුලු බි`ඳු රූරා වැටෙන්නට විය. 

 අඬන්න එපා සකූ. මං දන්නව ූබට හිත හදාගන්න බෑ කියලා. ඒත් බං දැං මොනව කරන්නද. කතා කරන්න සකූ. ඔහොම අඬන්න එපා. තේරුනාද. මගේ  ජීවිතයට සතුටින් පිරෙව්වෙ මගේ ඒ පුංචි සුරංගනාවි. හැමදාම හවසට මං දුවන්නෙ එයාව හම්බවෙන්න නෙවෙයි. අපි තුන්දෙනා හිටියෙ එක පවුලක් වගෙයි . ඒත් මං ආත්මාර්ථකාමී වුනා වැඩිද.  එදා ඔහු මුලින් ම දරුව එක්කගෙන ආපු දවසෙ ඇයි මට මතක් වුනේ නැත්තෙ කාගෙ දරුවෙක් ද කියලඅහන්න. මං හිතුවෙ මං වගේ ම අනාථ දරුවෙක් වෙන්න ඇති කියල. අනේ දෙයියනේ....



ක්‍රමයෙන් රෑ බෝ විය. එකදු තරුවක් වත් අහසේ නැත. මහා වර්ෂාවක ලකුණු පරිසරයෙන් දිස් විය. ඈත අහසේ පුංචි තරුවක් දිදුලමින් තිබෙනු මා දුටිමි. එය වළාකුලු නිසා වැසෙන්නට විණි. අහසෙහි බලන්නට තරම් සුන්දර දසුනක් නොමැත. අහසද මා පරිදිය. මාද කවරෙකුටවත් ප්‍රිය මනාප නොවන අයෙක්මි. අහස නිශ්ෂබ්දය. මා ද නිශ්ශබ්දය. අහසෙහි දිස් වන්නේ මහා කුණාටුවක සෙයකි.

  “මොකද මේ කලුවරේ. ආ මෙන්න තේක. යං සකුන්තලා ගෙට. වහින්න වගේ.”
“බෑ ඔයා යන්න. මං එන්නම්.”

“තාම කල්පනා කරනව නේද”

“වාඩිවෙන්න ගයනි මෙතනින්”

“මං කල්පනා කරන්නෙ නෑ”


“බොරු කියන්න එපා සකූ“

“අහන්න සකූ ඔයා දැං හැම දේ ම අමතක කරන්න ඕන”

“ඇයි දන්නෙ නෑ දවල් ආවෙ නේද”

“සකූ දැං ඔයා අමතක කරන්න”

“ප්‍රශ්නයක් ද කොහෙ ද දරුවට අසනීපද දන්නෙ නෑ.”

“”ඇයි ඔයා යන්න ද බලන්න

“මං හොඳ කෙනෙක් නෙවෙයි ගයනි. එච්චර ලගින් ඉදපු දරුවව දාලා ආවා. දරුවට සාංකාව ද දන්නෙ නෑ.”

“දැං දරුවටත් හිත හදාගන්න දෙන්න. ඔයා දරුවට ලං වුනොත් දරුවා ලෙඩ වෙයි. ඔයාට බෑ දරුවෙක් එක්ක එයාව බාර ගන්න. ඔයා දන්නවා ඔයා කොච්චර අමාරුවෙන් ද ඔයා මේ තැනට ආවෙ කියල. උඹ ආදරේ කරන්නෙ දරුවටද ”

“මං දරුවට ආදරෙයි. ඒත් දරුවත් එක්ක එයාව බඳින්න මට බෑ, ඒත් එයා  ආදරේ මට වඩා දරුවට. මං ඒකයි කිව්වෙ දරුවව අපි කාටහරි දෙමු කියල”

“මොනව ද උබ කියන්නෙ. දරුවට ආදරෙයිලු. ඒත් දරුව එක්ක ඉන්නත් කැමති නෑ. උඹට පිස්සුද.දැං කොහොම හරි වුණ දේ වුනා. හරිද. දැං අපි මේව අමතක කරල ලබන සතියෙ මැලේසියා යනවා.”

“මට දරුවව බලන්න ඕන. දන්නවද ගයනි මං දූට මුලින් ම දුන්නෙ රතු පාට සපත්තු දෙකක්. ඒක එයාට හරිම ලස්සනයි. ඒක දැම්මම පුංචි සුරංගනාවියක් වගෙයි. එදා ඉදං එයා මගේ සුරංගනාවි.”

ගයනි අනුකම්පාවෙන් මගේ හිස අතගෑවේය.

“හරි අපි හෙට යමු දරුවව හම්බවෙන්න. ගිහිං නෆ්ලිවත් හම්බවෙලා එමු. හැමදේ ම විසඳගමු. යං දැං නිදා ගන්න.”

නින්ද අහලකවත් නැත. ඇත්තෙන් ම මම ආදරය කරන්නේ කවරෙක්ටද. දෙදෙනාටම ප්‍රේම කරන්නෙ නම් ඇයි මම ඔහුට සමාව නොදුන්නේ. අපි තිදෙනාට සතුටින් ජීවත් විය හැකිය. එහෙත් ඔහු මා රැවටිය. මම දක්ෂ මාධ්‍යවේදිනියක්මි. මා මේ ස්ථානයට පැමිනෙන්නට අපමණ දුක් විඳ ඇත. දරුවෙක් සමඟ විවාහයක් සිදුකරගෙන ජීවිතය නතර කර ගැනීමට මට හැකිද. නැත නැත මා එසේ කළ යුතු නැත.
  එහෙත් මුලු ජීවිතට පුරාම ඔහුගේ මතකයෙන් ජීවත් වීමේ ශක්තියක් නොමැත. මා හට ඔහු සමඟ සිටිමට ද අවශ්‍යය. ඔව් මම තීරණයක් ගන්නවා. ඒක වෙනස් කරන්නෙ නෑ මම.

මම උදැසනම අවදි වීමි.
“ගයනි යමු”

“මෙච්චර උදෙන් යනව කිව්වෙ නෑනේ. අනික වහින්නත් වගෙයි. ”

“බැයිද”

“හරි ඉන්න ලෑස්ති වෙනකන්”

නිවසින් එළියට යාමට අප දෙදෙනා ආලින්දයට පැමිණිය පමණි. එකවරම මල් පොච්චිය මහා හඩ නගමින් බිම ඇද වැටුනි. එහි වු පුංජි පොහෙට්ටුවක් මගේ දෙපා අසලට පැමිණයේය.

“පයින් යන්න බෑ සකූ. වැස්ස වැඩි ඉන්න අපි වීල් එකක එනකන් ඉමු”.

මා කිසිදු කතාවකින් තොර විය. ඇත්තෙන් ම මම මේ කරන්නට යන දේ කෙරෙහි මාගේ මිතුරිය සපුරාම විරුද්ධ වනු ඇත. එහෙත් මා තනිය විසු කාලය අවසන් කළ යුතුය. මගේ දුකට සැපට සිටින මිතුරියගෙන් මෙය සැඟවීම නොකළ යුත්තකි. එහෙත් කරන්නට දෙයක් නැත.
ත්‍රී රෝද රථය පැමිණියේ ය. දෙදෙන ම එයට ගොඩවැදුනි.

“ගයනි මං දෙයක් කියන්න තරහ වෙන්න එපා.”

“කියන්න”

“මං දන්නවා ඔයා ඔය තීරණෙ ගන්නව කියල. ඒත් කවදත් මං ඔයා එක්ක ඉන්නවා. ”

ක්‍රමයෙන් වර්ෂාව වැඩි විය. සුළඟ වැඩි විය. ගස්වල අතු ඒ මේ අත වැනෙන්නට වූයේ මට යම් දෙයක් පවසන්නාක් මෙනි.

“සකු අර ගේ ඉස්සරහ සෙනඟ ගොඩක් ඉන්නවා. ඇය කීවේ සැබෑවකි. මගේ සිතට
බියකරු සිතුවිල්ලක් නැගුනි. මා නිවසට පා තැබීමට සැරසුනා පමණි. මහා හඬ නගමින් අකුණක් ගැසීය. මා මගේ පය ආපස්සට  ගතිමි”.

“ඇයි ආවේ”

එකවරම නෆ්ලි මා ඉදිරිපිට සිටගෙන සියටියේය. ඔහුගේ මුවින් දිස් වූයේ කෝපයකි. එසේ ම අසරණකමකි. එවැනි ස්වරූපයක් මා කිසි දිනක දැක නැත. ඇත්තෙන් ම සිදු වූයේ කුමක් ද. මම කිසිවක් නොදනිමි. කුමක් සිදු වුවත් එහි පූර්ණ වැරදිකරු මා මෙන් ඔහුගෙන් දිස් විය.

“දරුවා කෝ. මට පොඞ්ඩක් දරුවව හම්බෙන්න ඕන.මං හැමදේම අමතක කරනවා.”
ඔහු නිශ්ශබ්දය. ඔහු පසෙකය විය. ඈතින් පුංචි රතු සෙරෙප්පු දෙකක් පෙනුනි.

“දරුවට මොකද වුනේ ”

මා ඉදිරියට යාමට සැරසුනා පමනි.

“යන්න”

“මට කතාකරන්න ඕන. මං කියන දේ අහන්න”

ඔහු මගේ හසතයෙන් දැඩිව ග්‍රහනය කරගත්තේ මා ඉදිරියට යා ම වැලැක්වීමටය. තවත් එහි රැදී සිටීමට මා හට නොහැකි විය. ඔහු මා රැගෙන විත් පසෙකට තල්ලුකර දැමීය. ඔහු මා රැගෙන යන බවක් මට නොදැනුනි. ඈතින් පෙනෙන පුංචි පාද රතු සපත්තු දෙකෙන් හැඩ වී ගොසිනි. එහෙත් ඇය කතා නොකරයි . ඇය ඇත්තෙන් ම සුරංඟනාවන් සොයා ගොසිනි. ඇය මා වෙනුවෙන් බලා සිටින්නට ඇත.
දෙවියනේ ඇයි මං ඊයේ.........
කිසිවෙක් මා දෙස බැලුවේ නැත. මා ඔහු වෙතින් නික්මිනි. ඔහුටද දැන් මාගෙන් පලක් නැත. ඔහු සෙවූයේ දරුවාට මවකි. දැන් ඔහුට මාගෙන් පලක් නැත. ඇත්තෙන්ම කවුද ආදරය කලේ.  මා නැත. ඔහු, නැත. දෙදෙනාගේ ආගම් විවිධය. එහෙත් ගති් ස්වභාවය එකය. සැවොම සැමගේ ආත්මාර්ථය සපුරාගැනීමට පමණි ආදරය කරන්නේ. එය ඇතැම් විට විවාහයෙන්ි අවසන් වී ජීවිතය පුරාවට ම අනෙකාගේ ආත්මාර්ථය උදෙසා සිටියි.
මා නිසාද පුංචි දුවගේ ජීවිතය අහිමි වූයේ. අහෝ දෙවියනි. මගේ ජීවිතයට යළි කිසිවෙක් පැමිණෙන්නේ නැත. අවශ්‍ය ද නැත. මා මගේ සුරංගනාවි වෙනුවෙන් යමක් කළ යුතුය. ඔව් මම ඇය හමු වීමට යමි. ඈතින් මගේ මිතුරිය මා පසු පස  එන හඬ ඇසෙයි. එය පරදා මාගේ සුරංගනාවි මා අමතයි.